Friday, 4 December 2015

ආර්යවංශ ධර්මය

ආර්යවංශ ධර්මය


ආර්යවංශ ධර්මය නමින් අප ඉගෙන ගන්නා මේ ‘අරියවංස සූත්‍රය’ ‘ භික්‍ෂූන් වහන්සේට ඉතාමත් වැදගත් සූත්‍රයකි. එහි ඇතුළත් වන කරුණු භික්ෂූන් වහන්සේට පමණක් නොව ගිහියන්ටද ඉතා වැදගත්ය. එබැවින් පෙර ගිහියෝ මහත් ශ්‍රද්ධාවෙන් මෙම ධර්මය ශ්‍රවණය කළහ. මෙම සූත්‍රය අන්තර්ගත වන්නේ අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයටයි.

අතීතයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ පොහෝ දිනයන්හි විවිධ ස්ථානවල මේ ධර්මය දේශනා කළහ. ශ්‍රවණය කළහ. ඒ බව ගවරවාල අංගණයේදී බණ ඇසු පිණ්ඩපාතික තෙරුන් වහන්සේගේ කථාවෙන් පැහැදිලි වේ.පෙර ගවරවාල අංගණයෙහි වස් සමාදන් වු භික්‍ෂූන් වහන්සේ තිස් නමක් පොහෝ දිනයන්හි ආර්යවංශධර්මය දේශනා කළහ. එක් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ නමක් ධර්මය ඇසීමට එහි ගොස් හිඳගෙන ධර්මය අසන්නට වූහ. සර්පයෙක් උන්වහන්සේගේ පාදයක් දෂ්ට කළේය. එහෙත් එම තෙරුණුවෝ වේදනාව ඉවසාගෙන එළිවන තුරු ධර්මය අසා අනාගාමී ඵලයට පත් වූ හ. තවද උල්ලභකෝලකණ්ණිකවාසි උපාසිකාවක ආර්යවංශධර්මය ඇසීමට යොදුන් පහක් පා ගමනෙන් ගොස් එළිවන තුරු ධර්මය අසා තිබේ. එබැවින් මේ ආර්යවංශ ධර්මය සුවිශේෂි වූ ධර්මයකි. බුදුරජාණන් වහන්සේ මෙම අරියවංශ සූත්‍රය දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී හතළිස් දහසක් භික්‍ෂූන් මැදදීය.

බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට ආර්යවංශ ධර්ම සතරක් වදාළ සේක. එම ආර්යවංශ ධර්ම සතර දිගු කාලයක් පැවැති ඒවා වන අතර බුද්ධාදි ආර්යයන්ගේ වංශයද වේ. මෙම ආර්යවංශ ධර්මය අතීත බුදුවරුන් විසින්ද බැහැර නොකරන ලද්දකි. වර්තමානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්ද බැහැර නොකරන ලදී. අනාගතයට පහළ වන බුදුවරු ද බැහැර නොකරන්නාහ. තවද එය ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ද නුවණැත්තන් විසින් ද නින්දා නොකරන ලද ධර්මයකි.

එම ආර්යවංශ ධර්ම සතරෙන් පළමුවැන්න මෙසේය.මේ ශාසනයේ භික්‍ෂුව ලැබුණු සිවුරකින් සතුටට පත්වෙයි. එසේ ලැබුණූ සිවුරකින් සතුටුවීමේ ගුණ කියන සුළු වෙයි. සිවුරු සොයන්නට අයුතු දේ නොකරයි. සිවුරු නොලැබෙන විට තැති ගැනීමට දුකට පත් නොවෙයි. සිවුරක් ලද විට ද ලෝභ, තෘෂ්ණා නැතිව සංසාර දුකෙන් නිදහස් වීමේ ප්‍රඥාවෙන් යුතුව එම සිවුර පරිභෝග කරයි. තමන් එලෙස ලද සිවුරෙන් සතුටුවන ගුණයෙනුත් හුවා නොදක්වයි. අන් අය හෙළා නොදකියි. මෙසේ වාසය කරන භික්‍ෂුව ඒ ලැබුණූ සිවුරකින් සතුටු වීමෙහි දක්‍ෂ අයෙක් වී, අනලස් අයෙක් වී මනා නුවණින් සිටිමින් එළැඹ සිටි සිහි ඇත්තෙක් වෙයි. මෙසේ වාසය කරන භික්‍ෂුව පැරැණි වූ අග්‍ර වූ ආර්ය වංශයෙහි හෙවත් ආර්ය ධර්මයෙහි සිටින, වාසය කරන භික්‍ෂුවකි.

ආර්යවංශ ධර්ම සතරෙන් දෙවැන්න වන්නේ, ඉහත සඳහන් කළ සිවුරු පරිභෝගයේදි මෙන්ම පිණ්ඩපාතය සම්බන්ධව ලැබුණූ ආහාරයකින් සතුටුවන බවයි. තුන් වැන්න වන්නේ ඒ ආකාරයට ලැබුණු සේනාසනයකින් සතුටු වන බවයි. මේ ආකාරයට භික්‍ෂුව ලැබුණු සිවුරකින් ලැබුණු ආහාරයකින් , ලැබුණු සෙනසුනකින් සතුටු වනවා මිස ඒ වෙනුවෙන් අයුතු දෑ නොකරයි.

මේ ආකාරයට ලැබුණු දෙයකින් සතුටු වීමට තරම් අල්පේච්ඡතාව දියුණු කරගත යුතුය.අඩු ආශා ඇත්තකු බවට පත් විය යුතුය. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනැස යන ඉඳුරන්ගෙන් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා අරමුණු තුළින් ඇලීමට පත්වීම මුළාවීම පෘථග්ජනයාගේ මූලිකම ස්වභාව වුවද අවමයෙන් තෘප්තිමත් වී උපරිමය අතිරේකයක් කොට සැලකීම තුළින් පුද්ගයාට සරල සැහැල්ලු සුඛනම්‍ය ජීවන රටාවකට හුරුපුරුදු විය හැකිය. බෞද්ධයන් වශයෙන් අපට නිවන් මඟට යොමුවීමට එම අල්පේච්ඡතාව අවශ්‍යම ගුණධර්මයකි. මූලික මිනිස් අවශ්‍යතා වන ආහාර , වස්ත්‍ර ,නිවාස හා බෙහෙත් යන කරුණු සතරෙන් තමනට සෑහෙන ප්‍රමාණයෙන් පමණක් තෘප්තිමත් වීමට නිවන් කැමැති පුද්ගලයා කැමැත්තක් ඇති කර ගත යුතුය.

මෙලෙස තම පැවැත්ම සරල කර ගැනීමෙන් බාහිරය පෝෂණය කරගැනීමට වඩා අධ්‍යාත්මය පෝෂණයට සංවර්ධනයට කාලය හා ශ්‍රමය කැපකිරීමට මේ නිසා ඔහුට අවස්ථාව උදාවේ.ප්‍රත්‍ය ලාභය එකකි. නිවන්මඟ තවත් එකකි. මේ දෙක දෙකක් වශයෙන් මැනැවින් දැන කටයුතු කළ යුතුය. යෝගාවචර ජීවිතයක සුවිශේෂ ලක්‍ෂණය වන්නේ ප්‍රත්‍ය පරිභෝග කිරීම සඳහා ජීවත්වීම නොව ජීවත්වීම සඳහා ප්‍රත්‍ය පරිභෝග කිරීමයි. මෙලෙස කටයුතු කරමින් තමන් ප්‍රත්‍ය පරිභෝග කරන්නේ කුමක් සඳහා දැයි නුවණින් විමසා බැලිය යුතුය. නිතර සිහි කළ යුතුය.

භික්‍ෂුවක සිවුරු පරිභෝග කළ යුත්තේ අලංකාරය පිණිස නොවේ. හුදෙක් විළි වසා ගැනීම පිණිසය. මැස්සන්ගෙන් , මදුරුවන්ගෙන් වන හානි වළක්වා ගැනීම පිණිසය. ශීතල හා උෂ්ණයෙන් ආරක්‍ෂා වනු පිණිසය. පිණ්ඩපාතය වැළැදීම කරන්නේ ශරීරය වර්ධනය කරගැනීම පිණිස හෝ ශරීරයේ මස් පිඬු වඩා ගැනීම සඳහා හෝ පුරුෂමද ආදිය වඩා ගැනීම පිණිස නොවේ. රස තෘෂ්ණාව පිණිස ද නොවේ. ශරීරය ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිසය. කුසගිනි ආදි වේදනා දුරු කර ගැනීමටය. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිසය. සෙනසුන් පරිභෝග කරන්නේ අව්වැසි ආදි උවදුරු වලින්ද නපුරු සතුන්ගෙන්ද විය හැකි අනතුරුවලින් වැළැකීම පිණිසය. භික්‍ෂුවක ප්‍රත්‍ය පරිභෝග කළ යුත්තේ මෙවැනි අරමුණු ඇතිවය. මෙයට ප්‍රත්‍යවේක්‍ෂා කිරීම වැදගත් වේ. භික්‍ෂුව සිවුපසය පරිභෝග කිරීමේදී ප්‍රත්‍යවේක්‍ෂා කරමින්, නුවණින් යථා තත්ත්වය විමසා බලමින්ම ලෝභ, ද්වේශ, මාන ආදි අකුසල දහම් දුරු කිරීමේ නුවණින් යුතුවම ප්‍රත්‍ය පරිභෝග කළ යුතුය.

ථෙය්‍ය පරිභෝගය ඉණ පරිභෝගය, දායජ්ජ පරිභෝගය සහ සාමි පාරිභෝගය යනුවෙන් චීවර, පිණ්ඩපාත ,සේනාසන හා ගිලන්පස යන සිවුපසය පරිභෝග කිරීම් සතරක් තිබේ. දුස්සීලව හිඳ සිව්පසය පරිභෝග කිරීම සොරකමකි. සිල්වතුනට අයත් වූ සිව්පසය සොරා ගැනීමකි. එම පරිභෝගය ථෙය්‍ය පරිභෝග නම් වේ. ඉහත සඳහන් කළ ආකාරයට තමන් සිව්පසය පරිභෝග කරන්නේ කුමක් සඳහා දැයි නුවණින් නොවිමසා ප්‍රත්‍යවේක්‍ෂා නොකොට සිව්පසය පරිභෝග කිරීම ණය වීමකි. එය ඉණ පරිභෝග නම් වේ. සෝවාන් ,සකෘදාගාමී ,,අනාගාමි යන උතුමන් විසින් කරනු ලබන ප්‍රත්‍ය පරිභෝගය ‘දායජ්ජපරිභෝග’ නම් වේ. එම උතුමෝ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ වන බැවින් පියාණන්ට අයත් සිව්පසයට උරුම කරුවෝ වෙති. රහතන් වහන්සේ ප්‍රත්‍ය පරිභෝග කරන්නේ එයට සුදුසු හිමිකරුවන් බවට පත් වීමෙනි. එය ‘සාමිපරිභෝග’ නම් වේ. මේ අනුව භික්ෂූව දායකයන්ට ණය ගැතියකු නොවී, සොරකමක් නොවන පරිද්දෙන්, පව් රැස් නොවන ආකාරයට සිව්පසය පරිභෝග කිරීමට උත්සාහ කළ යුතුය. හික්මීමකින් තොරව සිවුරු පරිභෝග කිරීම සැපයක් නොවන අතර බොහෝ කාලයක් නිරයෙහි ඉපිද ගිනියම් වූ ලෝහ තහඩුවල පහස විඳීමට සිදුවන පාපකර්මයක් වේ.

සිවුරු පරිභෝගය යෝගාවචරයකු හට ධුතංග පුරණයක් ලෙසද යොදා ගත හැකිවේ. තේචීවරිකංගය හෙවත් තුන් සිවුරෙන් සිටීම, පාංසු කූලිකංගය හෙවත් පාංසුකූල සිවුරු පරිභෝග කිරීම යන ධූතංග දෙක, ලැබුණු සිවුරකින් සතුටු වීම පිළිබඳ ධුතංග වේ. පිණ්ඩපාතයෙන් යැපෙමින් රකින පිණ්ඩපාතිකංගය දවසට එක්වරක් පමණක් වැළැදීම වැනි ධුතංග ලැබුණූ පිණ්ඩපාතයෙන් සතුටුවීම පිළිබඳ ධුතංග වේ. ගිලන් නොවී සිටියදි ගිතෙල්,වෙඬරු, දී, පැණි ආදි ප්‍රණීත භෝජන අයැද ගෙන වැළැදීම භික්‍ෂුන්ට තහනම් වේ. ඓතිහාසික තොරතුරු හා සූත්‍රවල අන්තර්ගත වන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනෙන්නේ භික්‍ෂූන් වහන්සේ බොහෝ විට එක ආහාර වේලකින් දවස ගෙවූ බවයි.

ආර්යවංශ ධර්මය නමින් අප ඉගෙන ගන්නා මේ ‘අරියවංස සූත්‍රය’ ‘ භික්‍ෂූන් වහන්සේට ඉතාමත් වැදගත් සූත්‍රයකි. එහි ඇතුළත් වන කරුණු භික්ෂූන් වහන්සේට පමණක් නොව ගිහියන්ටද ඉතා වැදගත්ය. එබැවින් පෙර ගිහියෝ මහත් ශ්‍රද්ධාවෙන් මෙම ධර්මය ශ්‍රවණය කළහ. මෙම සූත්‍රය අන්තර්ගත වන්නේ අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයටයි.

අතීතයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ පොහෝ දිනයන්හි විවිධ ස්ථානවල මේ ධර්මය දේශනා කළහ. ශ්‍රවණය කළහ. ඒ බව ගවරවාල අංගණයේදී බණ ඇසු පිණ්ඩපාතික තෙරුන් වහන්සේගේ කථාවෙන් පැහැදිලි වේ.පෙර ගවරවාල අංගණයෙහි වස් සමාදන් වු භික්‍ෂූන් වහන්සේ තිස් නමක් පොහෝ දිනයන්හි ආර්යවංශධර්මය දේශනා කළහ. එක් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ නමක් ධර්මය ඇසීමට එහි ගොස් හිඳගෙන ධර්මය අසන්නට වූහ. සර්පයෙක් උන්වහන්සේගේ පාදයක් දෂ්ට කළේය. එහෙත් එම තෙරුණුවෝ වේදනාව ඉවසාගෙන එළිවන තුරු ධර්මය අසා අනාගාමී ඵලයට පත් වූ හ. තවද උල්ලභකෝලකණ්ණිකවාසි උපාසිකාවක ආර්යවංශධර්මය ඇසීමට යොදුන් පහක් පා ගමනෙන් ගොස් එළිවන තුරු ධර්මය අසා තිබේ. එබැවින් මේ ආර්යවංශ ධර්මය සුවිශේෂි වූ ධර්මයකි. බුදුරජාණන් වහන්සේ මෙම අරියවංශ සූත්‍රය දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී හතළිස් දහසක් භික්‍ෂූන් මැදදීය.

බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට ආර්යවංශ ධර්ම සතරක් වදාළ සේක. එම ආර්යවංශ ධර්ම සතර දිගු කාලයක් පැවැති ඒවා වන අතර බුද්ධාදි ආර්යයන්ගේ වංශයද වේ. මෙම ආර්යවංශ ධර්මය අතීත බුදුවරුන් විසින්ද බැහැර නොකරන ලද්දකි. වර්තමානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්ද බැහැර නොකරන ලදී. අනාගතයට පහළ වන බුදුවරු ද බැහැර නොකරන්නාහ. තවද එය ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ද නුවණැත්තන් විසින් ද නින්දා නොකරන ලද ධර්මයකි.

එම ආර්යවංශ ධර්ම සතරෙන් පළමුවැන්න මෙසේය.මේ ශාසනයේ භික්‍ෂුව ලැබුණු සිවුරකින් සතුටට පත්වෙයි. එසේ ලැබුණූ සිවුරකින් සතුටුවීමේ ගුණ කියන සුළු වෙයි. සිවුරු සොයන්නට අයුතු දේ නොකරයි. සිවුරු නොලැබෙන විට තැති ගැනීමට දුකට පත් නොවෙයි. සිවුරක් ලද විට ද ලෝභ, තෘෂ්ණා නැතිව සංසාර දුකෙන් නිදහස් වීමේ ප්‍රඥාවෙන් යුතුව එම සිවුර පරිභෝග කරයි. තමන් එලෙස ලද සිවුරෙන් සතුටුවන ගුණයෙනුත් හුවා නොදක්වයි. අන් අය හෙළා නොදකියි. මෙසේ වාසය කරන භික්‍ෂුව ඒ ලැබුණූ සිවුරකින් සතුටු වීමෙහි දක්‍ෂ අයෙක් වී, අනලස් අයෙක් වී මනා නුවණින් සිටිමින් එළැඹ සිටි සිහි ඇත්තෙක් වෙයි. මෙසේ වාසය කරන භික්‍ෂුව පැරැණි වූ අග්‍ර වූ ආර්ය වංශයෙහි හෙවත් ආර්ය ධර්මයෙහි සිටින, වාසය කරන භික්‍ෂුවකි.

ආර්යවංශ ධර්ම සතරෙන් දෙවැන්න වන්නේ, ඉහත සඳහන් කළ සිවුරු පරිභෝගයේදි මෙන්ම පිණ්ඩපාතය සම්බන්ධව ලැබුණූ ආහාරයකින් සතුටුවන බවයි. තුන් වැන්න වන්නේ ඒ ආකාරයට ලැබුණු සේනාසනයකින් සතුටු වන බවයි. මේ ආකාරයට භික්‍ෂුව ලැබුණු සිවුරකින් ලැබුණු ආහාරයකින් , ලැබුණු සෙනසුනකින් සතුටු වනවා මිස ඒ වෙනුවෙන් අයුතු දෑ නොකරයි.

මේ ආකාරයට ලැබුණු දෙයකින් සතුටු වීමට තරම් අල්පේච්ඡතාව දියුණු කරගත යුතුය.අඩු ආශා ඇත්තකු බවට පත් විය යුතුය. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනැස යන ඉඳුරන්ගෙන් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා අරමුණු තුළින් ඇලීමට පත්වීම මුළාවීම පෘථග්ජනයාගේ මූලිකම ස්වභාව වුවද අවමයෙන් තෘප්තිමත් වී උපරිමය අතිරේකයක් කොට සැලකීම තුළින් පුද්ගයාට සරල සැහැල්ලු සුඛනම්‍ය ජීවන රටාවකට හුරුපුරුදු විය හැකිය. බෞද්ධයන් වශයෙන් අපට නිවන් මඟට යොමුවීමට එම අල්පේච්ඡතාව අවශ්‍යම ගුණධර්මයකි. මූලික මිනිස් අවශ්‍යතා වන ආහාර , වස්ත්‍ර ,නිවාස හා බෙහෙත් යන කරුණු සතරෙන් තමනට සෑහෙන ප්‍රමාණයෙන් පමණක් තෘප්තිමත් වීමට නිවන් කැමැති පුද්ගලයා කැමැත්තක් ඇති කර ගත යුතුය.

මෙලෙස තම පැවැත්ම සරල කර ගැනීමෙන් බාහිරය පෝෂණය කරගැනීමට වඩා අධ්‍යාත්මය පෝෂණයට සංවර්ධනයට කාලය හා ශ්‍රමය කැපකිරීමට මේ නිසා ඔහුට අවස්ථාව උදාවේ.ප්‍රත්‍ය ලාභය එකකි. නිවන්මඟ තවත් එකකි. මේ දෙක දෙකක් වශයෙන් මැනැවින් දැන කටයුතු කළ යුතුය. යෝගාවචර ජීවිතයක සුවිශේෂ ලක්‍ෂණය වන්නේ ප්‍රත්‍ය පරිභෝග කිරීම සඳහා ජීවත්වීම නොව ජීවත්වීම සඳහා ප්‍රත්‍ය පරිභෝග කිරීමයි. මෙලෙස කටයුතු කරමින් තමන් ප්‍රත්‍ය පරිභෝග කරන්නේ කුමක් සඳහා දැයි නුවණින් විමසා බැලිය යුතුය. නිතර සිහි කළ යුතුය.

භික්‍ෂුවක සිවුරු පරිභෝග කළ යුත්තේ අලංකාරය පිණිස නොවේ. හුදෙක් විළි වසා ගැනීම පිණිසය. මැස්සන්ගෙන් , මදුරුවන්ගෙන් වන හානි වළක්වා ගැනීම පිණිසය. ශීතල හා උෂ්ණයෙන් ආරක්‍ෂා වනු පිණිසය. පිණ්ඩපාතය වැළැදීම කරන්නේ ශරීරය වර්ධනය කරගැනීම පිණිස හෝ ශරීරයේ මස් පිඬු වඩා ගැනීම සඳහා හෝ පුරුෂමද ආදිය වඩා ගැනීම පිණිස නොවේ. රස තෘෂ්ණාව පිණිස ද නොවේ. ශරීරය ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිසය. කුසගිනි ආදි වේදනා දුරු කර ගැනීමටය. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිසය. සෙනසුන් පරිභෝග කරන්නේ අව්වැසි ආදි උවදුරු වලින්ද නපුරු සතුන්ගෙන්ද විය හැකි අනතුරුවලින් වැළැකීම පිණිසය. භික්‍ෂුවක ප්‍රත්‍ය පරිභෝග කළ යුත්තේ මෙවැනි අරමුණු ඇතිවය. මෙයට ප්‍රත්‍යවේක්‍ෂා කිරීම වැදගත් වේ. භික්‍ෂුව සිවුපසය පරිභෝග කිරීමේදී ප්‍රත්‍යවේක්‍ෂා කරමින්, නුවණින් යථා තත්ත්වය විමසා බලමින්ම ලෝභ, ද්වේශ, මාන ආදි අකුසල දහම් දුරු කිරීමේ නුවණින් යුතුවම ප්‍රත්‍ය පරිභෝග කළ යුතුය.

ථෙය්‍ය පරිභෝගය ඉණ පරිභෝගය, දායජ්ජ පරිභෝගය සහ සාමි පාරිභෝගය යනුවෙන් චීවර, පිණ්ඩපාත ,සේනාසන හා ගිලන්පස යන සිවුපසය පරිභෝග කිරීම් සතරක් තිබේ. දුස්සීලව හිඳ සිව්පසය පරිභෝග කිරීම සොරකමකි. සිල්වතුනට අයත් වූ සිව්පසය සොරා ගැනීමකි. එම පරිභෝගය ථෙය්‍ය පරිභෝග නම් වේ. ඉහත සඳහන් කළ ආකාරයට තමන් සිව්පසය පරිභෝග කරන්නේ කුමක් සඳහා දැයි නුවණින් නොවිමසා ප්‍රත්‍යවේක්‍ෂා නොකොට සිව්පසය පරිභෝග කිරීම ණය වීමකි. එය ඉණ පරිභෝග නම් වේ. සෝවාන් ,සකෘදාගාමී ,,අනාගාමි යන උතුමන් විසින් කරනු ලබන ප්‍රත්‍ය පරිභෝගය ‘දායජ්ජපරිභෝග’ නම් වේ. එම උතුමෝ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ වන බැවින් පියාණන්ට අයත් සිව්පසයට උරුම කරුවෝ වෙති. රහතන් වහන්සේ ප්‍රත්‍ය පරිභෝග කරන්නේ එයට සුදුසු හිමිකරුවන් බවට පත් වීමෙනි. එය ‘සාමිපරිභෝග’ නම් වේ. මේ අනුව භික්ෂූව දායකයන්ට ණය ගැතියකු නොවී, සොරකමක් නොවන පරිද්දෙන්, පව් රැස් නොවන ආකාරයට සිව්පසය පරිභෝග කිරීමට උත්සාහ කළ යුතුය. හික්මීමකින් තොරව සිවුරු පරිභෝග කිරීම සැපයක් නොවන අතර බොහෝ කාලයක් නිරයෙහි ඉපිද ගිනියම් වූ ලෝහ තහඩුවල පහස විඳීමට සිදුවන පාපකර්මයක් වේ.

සිවුරු පරිභෝගය යෝගාවචරයකු හට ධුතංග පුරණයක් ලෙසද යොදා ගත හැකිවේ. තේචීවරිකංගය හෙවත් තුන් සිවුරෙන් සිටීම, පාංසු කූලිකංගය හෙවත් පාංසුකූල සිවුරු පරිභෝග කිරීම යන ධූතංග දෙක, ලැබුණු සිවුරකින් සතුටු වීම පිළිබඳ ධුතංග වේ. පිණ්ඩපාතයෙන් යැපෙමින් රකින පිණ්ඩපාතිකංගය දවසට එක්වරක් පමණක් වැළැදීම වැනි ධුතංග ලැබුණූ පිණ්ඩපාතයෙන් සතුටුවීම පිළිබඳ ධුතංග වේ. ගිලන් නොවී සිටියදි ගිතෙල්, වෙඬරු, දී, පැණි ආදි ප්‍රණීත භෝජන අයැද ගෙන වැළැදීම භික්‍ෂුන්ට තහනම් වේ. ඓතිහාසික තොරතුරු හා සූත්‍රවල අන්තර්ගත වන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනෙන්නේ භික්‍ෂූන් වහන්සේ බොහෝ විට එක ආහාර වේලකින් දවස ගෙවූ බවයි.

තවද හිරු අවරට යාමෙන් අනතුරුව ආහාර අනුභවය භික්ෂූන්ට ඇවැතකි. ලැබුණු සෙනසුනකින් සතුටුවීම සම්බන්ධයෙන් විමසා බලන විට ආරණ්‍ය සෙනසුනම තම වාසය කරගත් භික්‍ෂුවට එය අපරිහානිය ධර්මයක් වේ.

ඊළඟට සතරවන ආර්යවංශ ධර්මය ගැන විමසා බලමු. භාවනාරාමතාව හෙවත් භාවනාවෙහි ඇලී විසීම සතරවන ආර්යවංශ ධර්මයයි. යම් භික්‍ෂුවක භාවනාවට සතුටු වී භාවනාවෙහි ඇලී වාසය කරයිද, කෙලෙස් ප්‍රහාණයට සතුටුවෙයිද, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලී වාසය කරයි ද, ඒ ගුණයෙන් තමා උසස්කොට දක්වා කතා නොකරයි ද, ඒ ගුණය නැතයැයි අන් අය පහත් කොට කතා නොකරයිද භාවනාවෙහි දක්‍ෂ වෙයි ද, අලස නොවෙයිද, සිහිනුවණින් යුතුවෙයි ද එසේ භාවනාවෙහි ඇලී වාසය කරන භික්‍ෂුව පෞරාණික වූ අග්‍ර වු ආර්ය වංශයෙහි පිහිටි අයකු වේ.

මේ ආර්යංවංශ ධර්ම සතරෙන් සමන්විත භික්‍ෂුව නැඟෙනහිර දිසාවේ වාසය කරනවා නම්, බටහිර දිසාවේ වාසය කරනවා නම්, උතුරු දිසාවේ වාසය කරනවා නම් දකුණු දිසාවේ වාසය කරනවා නම් උන්වහන්සේම අරතිය මැඬ සිටිනවා මිස අරතිය උන්වහන්සේ නොමඩියි. ඒ ධෛර්යවන්තයා අරතිය හා පංචකාම ගුණරතිය මැඬ සිටින්නට හැකියාව ඇත්තෙකි.මෙම සූත්‍රදේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකක්ද වදාළසේක.

“අරතිය විරයා නොමඬියි. අරතිය වීර සමුහයක් නොවේ. තවද ධෛර්යවන්තයා අරතිය මඬියි. ධෛර්යවන්තයා වනාහි අරතිය මැඬීමට හැකි අයෙකි”

“ සියලු කර්ම හැර දමා සිටින කෙලෙස් දුරු කළ රහතන් වහන්සේ රාගාදිය කෙරෙහි කවුරුන් විසින් නම් අල්ලා ගනු ලබයිද? කාහටනම් උන්වහන්සේට ගරහන්නට හැකිවේද? දෙවියෝ පවා උන්වහන්සේට ප්‍රශංසා කරති. බඹහු විසින් ද මේ උත්තමයන් වහන්සේට ප්‍රශංසා කරන ලද්දෙහිය”.

මෙම දේශනාව අවසානයේ හතළිස් දහසක් භික්‍ෂූහු අර්හත්වයට පත්වූහ. මේ දේශනාව තුළ අන්තර්ගත වන, ලද දෙයින් සතුටුවීමේ ගුණය හා භාවනාවෙහි ඇලී වාසය කිරීම ගිහි ජීවිත ගත කරන පින්වතුනට ද අනුගමනය කළ හැකි උතුම් ගුණ ධර්ම වේ. ලද දෙයින් සතුටු වෙමින් පහසුවෙන් පෝෂණය කළ හැකි දිවි පෙවෙතෙකින් යුතුවීමත් භාවනාවෙන් පිරිසුදු වූ මනැසකින් යුතුව වාසය කිරීමත් නිරවුල් ජීවිතයකට උපකාර වේ. එය එම තැනැත්තාට නිවන පිණිසම හේතු වන්නකි.

ශ්‍රී ජයවර්ධනපුර 
විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

No comments:

Post a Comment