Monday, 3 August 2015

අති පූජ්‍ය රේණුකානේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේ

අති පූජ්‍ය රේණුකානේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේ


           සසුන් ලැදි පොත් රැසක් දැයට දායාද කල ශ්‍රී ලංකා ශ්වේජිං මහා නිකායේ මහනායක මහාචාර්‍ය
                    අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නායක මහා ස්වාමින් වහන්සේ
                           (උපත:1897.7.19/උපසම්පදාව:1917.10.26/ අපවත්වීම:1997)

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් උසස් මාර්ග ඵලයකට පත්වූයේය යන්න උන්වහන්සේ පිළිබඳව දන්නා වූ සියලූදෙනා හිස් මුදුනින් පිළිගන්නා දෙයකි. පැවිදි ජීවිතයේ වැඩි කාලයක් භාවනාවෙන් හා ගැඹුරු දහම් පොත් ලිවීමට උන්වහන්සේ වෙහෙසුණහ.


”මං පොත් ලිව්වේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත්, පොත් ලිවීම සඳහා කරුණු රැුස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියලා කියන්න පුළුවන්.” එක් අවස්ථාවකදී රේරුකානේ මහ නාහිමියෝ ප‍්‍රකාශ කළහ.


වත්මන් සමාජයේ බොහෝ දෙනා වෙහෙසෙන්නේ පොහෝ දිනයකට සිල් සමාදන් වී, දාන මානාදී පින්කම් සිදුකොට නිර්වානය පසක් කොට ගැනීමටය. පසුගිය කාලය පුරාම තමන් මාර්ගඵල ලබාගත් බව කියවමින් ඇවිද්ද ගිහියෝ පමණක් නොව පැවිද්දෝ ද  ඕනෑ තරම් සිටියහ. ඇතැම්හු මාර්ග ඵල ලබාගත් බවට සමහර භාවනා පන්තිවලින් සහතික පත් ද නිකුත් කළ ඇතැයි කියති. එනිසාම රේරුකානේ මහ නා හිමියන් නිවන හා ඒ අයගේ ස්වභාවය පිළිබඳව ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියන් සමග කළ ධර්ම සාකච්ඡාවක් සංක්ෂිප්තව ඔබට ඉදිරිපත් කරමු.


එම ධර්ම සාකච්ඡාවේ එක් ප‍්‍රශ්නයක් වන්නේ සිල් රැකීමෙන් පමණක් නිවන් ලබා ගත හැකි ද යන්නයි. ඒ සඳහා රේරුකානේ මහ නාහිමියෝ මෙසේ පිළිතුරු සපයති.


”ඇතැම් පැවිද්දන් පමණක් නොව ඇතැම් ගිහියන් ද ශීලය ගැනම කතා කරමින් ශීලයම උසස් කොට ගනිමින් ශීලයෙන්ම සියල්ල සිදුකර ගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිදු කර ගැනීමෙහිම යෙදී සිටිනවා. ඒ, ඒ ඇත්තන්ගේ වැරදි හැඟීමක් සිල් රැකීමෙන් පමණක් නැවතී සිටීම, වැට බැඳ කුඹුර නොවපුරා සිටීමක් වගෙයි.”


සමාජයේ ජීවත්වන බොහෝදෙනා මෙලොව සැප ගැන සිතා කටයුතු කරන පිරිසකි. ඒ අතර තවත් කොටසක් පරලොව පිළිබඳව ද සිතා කටයුතු කරති. මෙලොව පිළිබඳව සිතන අය කෙසේ කටයුතු කළ යුතු ද යන්නත්, පරලොව ගැන සිතන අය කුමන ආකාරයේ පිරිසක් ද යන්න ගැනත් මහ නාහිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.


මිනිසුන් ආගම් පිහිට කොට ගන්නේ පරලොව සැපත, යහපත ප‍්‍රාර්ථනා කර ගෙනයි. මෙලොව සඳහා ආගම්වලින් පිහිට ඇත්තේ ස්වල්ප වශයෙන් යැයි සිතනවා. මනුෂ්‍යයකු මේ ලෝකයේ ජීවත්වන කාලය අවුරුදු සියයකටත් අඩු ඉතාම ස්වල්ප කාලයක්. නමුත් ඉන් එහා තියෙන පරලොව පිළිබඳ කාලය කල්ප ගණනාවකින්වත් ප‍්‍රමාණ කළ නොහැකි දීර්ඝ එකක්. එනිසා නුවණැති අය මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරනවා. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන, සැපයක් ලැබෙන කාරණයක් වුණත් ඒක මරණින් මතු දුගතියට යෑමට කරුණක් වනවා නම් එබඳු වැඩවලින් වැළකීමට උත්සාහ දරනවා. එබඳු අය ජීවිත ආරක්ෂාව සඳහා වුවත් පාපයක් කරන්නේ නැහැ.”


උතුම් ආර්ය මාර්ගයකට පත්වූ උතුමකුගේ ලක්ෂණ පිළිබඳව තවත් අවස්ථාවක රේරුකානේ මහ නා හිමියෝ මෙසේ ප‍්‍රකාශ කරති. තමා සෝවාන් බව කියා ගන්නා අයටත්, එමගින් වාසි ප‍්‍රයෝජන ලබන්නට උත්සාහ කරන අයටත් මේ පිළිතුර සිතන්නට කල්පනා කරන්නට ගැඹුරු අදහසක් මතු කොට දෙයි.


රහත්වීමේ මග දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් කල් ලෝකයෙහි රහතුන් වහන්සේලා, මාර්ග ඵල ලාභීන් නැතැයි ඒවා ලැබිය නොහැකි යැයි නොකිය හැකියි. මේ කාලයේ අතීතයේ මෙන් රහතුන්, මාර්ගඵල ලාභීන් සුලබ නැති බව පමණක් කියන්න පුළුවන්. රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයට පෙන්වමින් ඇවිදින අය නොවේ. දුටුවාම රහත් බව අඳුනා ගැනීමේ ලකුණක් ද උන්වහන්සේලා තුළ නැහැ. ඒ නිසා රහත් කෙනකුන් දුටුවත් හඳුනා ගත නොහැකියි. රහත් වීමට පිරිය යුතු ප‍්‍රතිපත්ති පුරා අවසන් කළහොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වය ලබා ගත්තෙක් වෙනවා. රහත්වීමේ ප‍්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලක දී රහත් බවට නොපැමිණිය හැකි යැයි කීම යුක්ති යුක්ත නොවන කතාවක්. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත් ශාසනික ප‍්‍රතිපත්තියත් කලකට අවලංගු කර දැමීමක් වෙනවා.


”රහත් වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතැමෙක් ඉතාම කෙටි ධර්ම දේශනාවක් ඇසීමෙනුත් රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වීමට හිසකේ කපන අතරතුර දී රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වී දින ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් මාස ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් වර්ෂ ගණනකින් උත්සාහ කරලා රහත් වෙනවා. ඇතැමෙක් මුළු ජීවිත කාලයේම දුක් විඳලත් රහත් වෙන්නේ නැහැ.”


ලෝකයේ සිටින බොහෝ දෙනකුට නිර්වානය හෝ ධර්ම මාර්ගය ප‍්‍රිය නැත. ඔවුන්ට සසර තුළ විඳින තාවකාලික සැපයන් ප‍්‍රිය වේ. පුංචි පුංචි දෙයින් සතුටට පත්වේ. ලෝකයේ පොදු ධර්මතා ඉදිරියේ මොවුහු දුකට පත්වෙති. මේ අතරේ ධර්ම මාර්ගයේ යන සුළුතර කොටසක් ජීවිතය තුළ ලබන ලාභ, ප‍්‍රශංසා, සැප ආදියට නොඇදී ඒ ඔස්සේ සතුටු වීමට ද නොයා දුක් කටයුතු දෙයෙහි යථාර්ථය තේරුම්ගෙන නිවන් අරමුණු කොට ධර්මානුකූල පෙවෙතක් ගත කරති. ඇතැම් පිරිසක් සසරේ විමුක්තිය අරමුණු කිරීමටත් වැඩි දෙනෙක් සසරට ප‍්‍රිය කිරීමටත් හේතුව රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් ප‍්‍රකාශ කරන්නේ මේ අයුරිනි.


ඒ, ඒ ඇත්තන්ගේ අදහස් අනුවයි. මේ ලෝකයේ හෝ අන් තැනක හෝ ස්ථිර තත්ත්වයක් ඇති තැනක් නම් නැහැ. ඇත්තේ සංසාර චක‍්‍රයාගේ පැවැත්මය, නැවැත්මය යන දෙක පමණයි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකිය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සුවය ගත හැකිය.


ප‍්‍රිය වස්තූන් ඇත්තේ ද, ප‍්‍රිය පුද්ගලයන් ඇත්තේ ද, සැප, සොම්නස, ප‍්‍රීතිය ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය. ජරාව, ව්‍යාධිය, මරණය, අප‍්‍රිය සම්ප‍්‍රයෝගය, ප‍්‍රිය විප‍්‍රයෝගය, ශෝකය, පරිදේවය, දුක දොම්නස, උපායාසය ඇත්තේ ද, පණු උකුණු මකුණු, බලූ, බළල්, ඌරු, කුකුළු ආදී තිරිසන් සතුන් වීම ඇත්තේ ද යක්ෂ පේ‍්‍රත වීම ඇත්තේ ද, ගින්නෙන් දැවි දැවී ලෝහ ගුලි ගිලින ලෝදිය නිරි සතුන් වීම ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය.


නිවනෙහි ප‍්‍රිය වස්තු ප‍්‍රිය පුද්ගලයෝද නැත. ප‍්‍රීතිය, සුඛ, සොම්නස ද නැත. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ ද නැත. එහි පැමිණි පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණි. ටිකක් කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න.


අවිද්‍යාව සත්වයාගේ සිත කිළිටි කරන බොරු කරන අඳුරු කරන චෛතසික ධර්මයක්. එය එක්තරා මානසික රෝගයක්. ඒ රෝගයෙන් දුර්වල වූ, අඳුරු වූ සිතට පරම්පරා වශයෙන් ඉපිද ඉපිද, බිඳි බිඳී යාම, නාම රූපයන් ගේ සැබෑ තත්ත්වය පේන්නේ නැහැ. නොයෙක් විට නාම රූපයන් සත්වයන් හැටියට මිස නාම රූප හැටියට පේන්නේ නැහැ. එයින් සක්කාය දිෂ්ඨිය ද ඇති වෙනවා. නැවත නැවත සක්කාය දිෂ්ඨිය ඇති වෙන විට එය වැඞී තහවුරු වී දෘෂ්ටිධ්‍යාශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්.


සක්කාය දිෂ්ඨිය සමගම ආත්ම වශයෙන් සලකන පංචස්කන්ධය ලොව ඇති ඉතාම හොඳ දෙය, ඉතාම උසස් දෙය හැටියට ගන්නා තෘෂ්ණාවත්, තණ්හාව හා පංචස්කන්ධයට අයත්ව ඇති වන සුඛ සෝමනස්සයන් හා බාහිර රූපාදියත්, හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වෙනවා. ඒවා වැඞී තහවුරු වී තෘෂ්ණාධ්‍යාංශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්.


ධර්මය සේවනය නොකරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත රෝග තුන තදින්ම පවතිනවා.


කෙලෙස් රෝග ඇති අයට පංචස්කන්ධය ප‍්‍රිය වෙනවා. පංචස්කන්ධය සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වූ නිවන අප‍්‍රිය වෙනවා. එයට බිය වෙනවා. එසේ වන්නේ නිරෝධය නරක නිසා නොව කෙලෙස් රෝගය නිසයි.


”ධර්මය නමැති බෙහෙත සේවනය කොට, කෙලෙස් රෝගය සුව කරගෙන සිත පිරිසුදු කරගෙන, වාසය කරන සත්පුරුෂයන්ට පංචස්කන්ධය තරම් නපුරක්, බිය යුත්තක් වෙනත් නැහැ. නිවන තරමට උසස්ව පෙනෙන අනික් සැපයකුත් නැහැ.”


යමකුට ධර්මය නොදැන භාවනාවෙන් පමණක් ප‍්‍රතිඵල ලැබීමට හැකි ද යන්න ඉත්තෑපානේ නාහිමියන්ගෙන් තවත් ප‍්‍රශ්නයකි.


බුදු, පසේ බුදු, උතුමන් විසින් මේ ධර්මය තම තමන් විසින්ම අවබෝධ කරගනු ලබනවා. නමුත් සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහ තියුණු නුවණක් ඇති උතුමකුට වුණත් සද්ධර්ම ශ‍්‍රවණය, ධර්මතාවබෝධය සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්මය ඇසීම, ධර්මය දැන ගැනීමටත්, ධර්මය අවබෝධ කර ගැනීමටත් අවශ්‍ය බවයි මට කියන්නට තියෙන්නේ.


අද මේ රටේ කෙරෙන භාවනා වැඩපිළිවෙළ ගැන නම් මා සතුටු වෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ හුඟ දෙනෙක් මුලා වෙලා කියලා. ධර්මය නොදැන කොහොමද භාවනා වඩන්නේ. ධර්මය ගැන හොඳ දැනුමක් මුලින් ඇති කර ගන්න  ඕනෑ. ඒ වගේම භාවනාව ගැනත් තරමක හෝ දැනුමක් ඇති කර ගන්න  ඕනෑ. අද භාවනාව හුඟාක් අසාර්ථක වෙලා තියෙන්නේ ඒ ගැන දැනුමක්, තේරුමක් නැති නිසයි. මුලින්ම කෙනකුට භාවනා ක‍්‍රමයක් කියා දීම වැරදියි. භාවනාව ගැන දැනුමක්, තේරුමක් මුලින් ලබා දෙන්නම  ඕනෑ. අද නම් ගිය හැටියේම දෙන්නේ භාවනාවක්. නමුත් ඒ භාවනාව ගන්න එක්කෙනාට ඒ ගැන කිසිම තේරුමක් නැහැ. මේ රටේ භාවනාව දෙන බොහෝ දෙනාට (භාවනා ආචාර්යවරුන්ටත්) ඒ පිළිබඳ තියෙන දැනුම ඉතාම ස්වල්පයි. එහෙම තියෙනකොට කොහොමද භාවනාවෙන් ප‍්‍රතිඵල ලබාගන්නේ...?”


භාවනාව සමථ හා විදර්ශනා යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකි. බොහෝදෙනා සමථ භාවනාවට අයත් අනාපානසති ආදී භාවනා ක‍්‍රම කරන අතර ගැඹුරු විදර්ශනා භාවනා සඳහා යොමුවීම අඩුය. සමථ භාවනාවෙන් සමාධියක් නොලබා විදර්ශනා භාවනා වැඞීමෙන් පමණක් ප‍්‍රතිඵලයක් ලැබිය හැකිද යන්නට රේරුකානේ මහ නාහිමි ලබා දෙන්නේ මෙවැනි අදහසකි.


සමථ භාවනාවලින් සමාධි උපදවා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනා වඩන්නට නොලැබී ජීවිතය කෙළවර වෙනවා ඇති. ඒ නිසා බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නොලැබී යන්නේය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධ්‍යානයක්, මාර්ගයක්, ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනා ඥානයක් ලැබෙන තෙක් වුව ද භාවනාව කරගෙන යා හැක්කේ ඉතාම ටික දෙනකුට පමණයි. එයට හේතුව නීවරණයන් විසින් ඒ අය පරදවනු ලැබීමයි. භාවනාව දියුණු කළ හැකි වීමට නම් යෝගාවචරයා නීවරණ පැරදවිය යුතුයි. ඇත්ත වශයෙන්ම යෝගාවචරයාට භාවනා කරමිනුයි ක‍්‍රියා කරන්නට ඇත්තේ නීවරණ සටනයි.


මෙකල භාවනා කරමියි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප‍්‍රහානය නමැති බර වැඩක් තමන්ට කරන්නට ඇති බව පවා දන්නේ නැහැ. ඒ අය නොයෙක් ආකාරයෙන් තමන් කෙරෙහි ඇදී එන නීවරණයන් හඳුනන්නෙත් නැහැ. එබැවින් ඔවුන් නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනා කරමියි කියමින් හැම කල්හිම එකම තත්ත්වයෙන් සිටිනවා. නීවරණ ප‍්‍රහානය කිරීමට වීර්යය නොකරන ඔවුන්ට කිසි කලෙක භාවනාවෙන් උසස් ඵලයක් ලැබිය නොහැකියි. නීවරණයන් හඳුනන්නන්ට නීවරණ ප‍්‍රහානය කළ හැකියි.



රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත් 



1. බෞද්ධයාගේ අත්පොත Bauddayage Athpotha

බෞද්ධකම උපතින් හිමි වන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්‍ය මුලික දැනුම ලබා ගැනිමටත් බෞද්ධයකු වශයෙන් හැසිරිමට අවශ්‍ය හැදියාව ලබා ගැනිමටත් මුලින්ම කියවිය පොතකි.


2. පුණේයොපදේශය Punyopadeshaya

බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්‍රතිඑල ලැබෙන අයුරින් කරන හැටිත්, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.


3. සුවිසි මහා ගුණය Suvisi Maha Gunya

තෙරුවන් ගුණ සුවිස්ස (24) ශ්‍රද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. බෞද්ධ සාහිත්‍යය කෘතියක් වශයෙන් ද රසවත් ව කියවිය හැකි ය.


4. මංගල ධර්ම විස්තරය Mangala Dharma Wisthara

මහා මංගල සුත්‍රයේ ඇතුළත් මෙලොව පරලොව. යහපත පිණිස හේතු වන මංගල කරුණු 38 සරලව පැහැදිලි කරයි. ජිවිතය සාර්ථක කර ගැනිම සදහා ආගම භේදයකින් තොරව හැමදෙනා විසින් ම කියවිය යුතු ග්‍රන්ථයකි.


5. පොහොය දිනය Pohoya Dinaya

සිල සමාදානය සාර්ථක කර ගැනිම සදහා කියවිය යුතු පොතකි. පොහො දින කළ යුතු වන්දනා පුජා භාවනා ආදි කටයුතු පිළිබදව විස්තර කර ඇත.


6. බෝධි පුජාව Bodhi Poojawa

අද බහුලව කෙරෙන පිංකමකි , බොධිපුජාව . නියම ප්රනතිපල ලැබිය හැකි අන්දමින් බෝධි පුජාව කරන ආකාරය මේ පොතින් දෑනගත හැකි ය.


7. බුද්ධ නිති සංග්‍රහය Buddha Nithi Sangrahaya

සත්වයාගේ මෙලොව පරලොව යහපතටත්, නිවන් ලැබිමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි. පිටකත්‍රයේ පැතිර පවත්නා උපදේශ ගාථා 550 ක් ඇසුරින් කාහටත් ප්‍රයෝජනවත් සේ සකසා ඇති මේ පොත ඉගැන්විමටද සුදුසු ය.


8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය Bodhipakshika Dharma Wistharaya

බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දෑකිය හැකි බෝධි තුනකි. එම සත්යා වබෝධය ලබා ගැනිමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.


9. පාරමිතා ප්‍රකරණය Paramitha Prakaranaya

නිවන් ලැබිම උදෙසා කරන පිංකම් පාරමිත නම් වේ. ඒවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.


10. ධර්ම විනිශ්චය Dharma Winischaya

ධර්මය නො දැනිමේ හේතුවෙන් බෞද්ධයා අතර ඇති වන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්රතශ්න සියයක් අලලා සකස් කර ඇති පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ඇති කර ගැනිමට මේ පොත කියවිම සුදුසු ය.

11. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය Nirwana Winischaya Ha Punuruthpaththi Kramaya

බෞද්ධයගේ ප්‍රධාන බලාපොරොත්තුව වු නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනරුත්පත්ති ක්‍රමයෙන් සත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිලි කරයි.


12. මෙකල නිවුණු ඇත්තෝ Mekala Niunu Aththo

දශක දෙකක් රේරුකානේ මහ නාහිමිපාණන් ඇසුරු කරමින් උපස්ථාන කළ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ලියු නාහිමි චාරිත වත සහ නාහිමියන් සිහිකරමින් දේශනා කළ ධම් දේශන 15 කි.


අභිධර්මය හදරන්නන්ට සහ මනෝ විද්‍යාත්මකව බුදු දහම අගය කරන්නන්ට වැදගත් පොත්. Abhidharma


13. අභිධර්මයේ මුලික කරුණු Abidharmaye Mulika Karunu Abhidharma

චතුරාය්ය. සත්‍යමය අවබෝධ කර ගැනිමට අභිධර්මය පිළිබඳ තරමක හෝ දැනිමක් තිබිම ප්‍රයෝජනවත් ය. මේ පොත කියවිම අභිධර්මය ඉගෙනිමට ද හොද පදනමකි.


14. අභිධර්ම මාර්ගය Abidharma Margaya Abhidharma

නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදැරිම සඳහා පිළියෙළ කර ඇති, දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංගහය අනුව ලියවි ඇත.


15. වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම Wanchaka Darma Ha Chithopaklesha Dharma

අකුශලයෙන් මිදිම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. 'වතථ' සුත්‍රයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුසලාකාරයෙන් ඉදිරිපත් වි සිත රවටන චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤචක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වි ඇත. මේ පිළිබඳව ලියැවුණ එකම පොතය.


16. කෙලෙස් එක් දහස් පන්සියය Keles Ek Dhahas Panisiyaya

නොයෙක් වර අසන්නට ලැබෙතත් මේ ගැන දන්නන් විරලය. කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන් අනේකාකාරයෙන් විස්තර කරන පොතකි.


17. පට්ඨාන මහා ප්‍රකරණ සන්නය Pattana Maha Prkarana Sannaya Abhidharma

පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්‍රකරණය උගත යුතු ආකාරය පැහැදිලි කරන මේ පොතෙහි ප්‍රස්ථාවනාව කර්තෘගේ අබිදම් දැනුම ප්‍රකට කරයි.


18. අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්‍රහයට Anuwadha Sahitha Abidharmartha Sagrahaya Abhidharma

අභිධර්මය ඉගෙනිම සඳහා මුලින්ම ව පොත් කරන අභිධර්මාර්ථ සංග්‍රහයට කල සරල සිංහල අනුවාදයකි.


භාවනා කරන්නවුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් පොත් Buddhist Meditation


19. චතුරාර්‍ය සත්‍යය Buddhist Meditation

බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ චතුරාර්‍ය සත්‍යය දේශනා කරනු පිණිසය. ලෝකෝත්තර මාර්ග එල ලැබිමට නම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළ යුතු ය. කාටත් පහසු වෙන් තේරුම් ගත හැකි සේ චතුරාර්‍ය සත්‍යය ධර්මය පැහැදිලි කරන පොතකි.


20. විදර්ශනා භාවනා ක්‍රමය Vidarshana Bawana Kramaya Buddhist Meditation

කෙලින්ම නිවන් ලබාදෙන පිංකම විදර්ශනා භාවනාවයි. විදර්ශනා වඩන බොහෝ ක්‍රම අතුරින් පහසුවෙන් ප්‍රතිඑල ලැබිය හැකි ක්‍රමයක් විස්තර කරයි.


21. චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව Chaththalisakara Maha Vipassana Bawanawa Buddhist Meditation

විදර්ශනා ඤාණය දියුණු විම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවිමට සුදුසු පොතකි. Vidharshana Bawana Buddhist Meditation


22. සතිපට්ඨාන භාවනා ක්‍රමය Sathipattana Bawana Kramaya Buddhist Meditation

දැනට කදුබොඩ ආදි විපස්සනා භාවනා මාධ්ය‍ස්ථානවල පුහුණු කරන භාවනා ක්‍රමය ධර්මාණුකුලව විස්තර කරයි.


23. සතිපඨාන භාවනා විවේචන සහ තවත් කෘති

2500 බුද්ධ ජයන්තිය සමග ඇති වු භාවනා පුනරුදය නො ඉවසු සමහර දෙනා අතර පැන නැගුණු විවෙචනයන්ට දුන් ධර්මානුකුල පිලිතුරු සහ ශාසන ඉතිහාසය හා කාලින ශාසන කටයුතු පිලිබඳ නාහිමියන් ගේ අදහස් ඇතුලත් කුඩා පොත් කිපයක එකතුවකි.


24. පටිච්ච සමුප්පාද විවරණය Patichcha Samuppadha Wiwaranaya Buddhist Meditation

හේතු-ප්‍රත්‍යවන්යා ය පැහැදිලි කරන බුදු දහමේ ගැඹුරු දහම් කොටසක් විස්තර කරන පොතකි. සියලු බෝසත්වරුන් බුදුවන දින රාත්‍රිව පශ්විම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදහරණ උපමා සහිතව විවරණය කර ඇත.

විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්‍රයෝජනවත් පොත්.


25. ශාසනාවතරණය Shasanawatharanaya

උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂුන් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසු ය. පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවිම මැනවි.


26. උපසම්පදා සිලය Upasampadha Silaya

විනය නොදැන උපසම්පද විම නපුරකි, උපසම්පද ශිලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්ර හ කරන පොතකි.

27. විනය කර්ම පොත Winaya Karma Potha

පැවිදි කිරිම උපසම්පදා කිරිම හා සිමා බන්දනය කිරිම ආදි විනය කර්මයන් ගැන පැහැදිලි විස්තරයකි.


28. අනුවාදය සහිත උභය ප්‍රාතිමෝක්ෂය Anuwadha Sahitha Ubaya Prathimokshaya

මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවදයෙන් යුක්තයි.


                                             රේරුකානේ චන්දවිමල මහ නාහිමි චරිතාපදානය 


No comments:

Post a Comment